Archives: මාර්තු 2018

අත්නාරින්න

1952දී ෆොලොරන්ස් චැඞ්වික් කැලිෙෆා්ර්නියා වෙරළේ සිට කැටලීනා දුපත දක්වා සැතපුම් 26ක් පිහිනීමට තැත් කළාය. පැය 15කට පසු අධික මීදුම ඇයගේ පෙනීමට බාධා කළ නිසා ඇය වියවුල් වූවාය. එහෙයින් ඇය ගමන අත්හැරියාය. ඇයගේ ගමනාන්තයට තිබුණේ තව සැතපුමක් පමණක් බව පසුව දැනගත් විට ඇයට දැඩි දුකක් ඇති විය.

මාස දෙකකට පසු නැවත ඇය වෙරළේ සිට කැටලීනා දුපතට පිහිනීම ආරම්භ කළාය. එවරත් මීදුම බාධාවක්…

අමුත්තෝ සහ විදේශිකයෝ

මම මාගේ පාපැදිය නවතා කේම්බි‍්‍රජ් නගරයේ සිතියම දෙස නැවත බැලීමි.පාරවල් සොයා ගැනීම මාගේ නිපුණත්වය නොවීය. මේ ඓතිහාසික ගොඩනැගිලි අතර තිබූ පාරවල් ජාලයේ මා අතරමංවීමට ඉඩ තිබිණි.

මාගේ ඉංග‍්‍රීසි ජාතික ස්වාමිපුරුෂයා සමඟ විවාහවී එංගලන්තයට ඇවිත් වැඩි කාලයක් නොවීය. ජීවිතය අනර්ඝ විය යුතුව තිබිණි. එහෙත් ජීවිතය  ඔහේ පාවෙනවා යැයි මට සිතණි. මා කට වසාගෙන සිටියදී අන් අය සමඟ හොඳින් මිශ‍්‍ර වී සිටියෙමි. එහෙත්…

කරුණාකර ඇතුල්වන්න

ජෙනීගේ නිවස පිහිටා ඇත්තේ ගමේ කුඩා පාරකය. ප‍්‍රධාන මාර්ගය මඟ හැරීමට අවශ්‍ය රියදුරෝ බොහෝ විට එම මාර්ගය භාවිතා කරති. සති කිහිපයකට පෙර පාර අලුත්වැඩියාවට කම්කරුවෝ පැමිණියෝය. ඔව්හු පාර අවහිර කොට "ඇතුල්වීම තහනම්" සලකුණු දැමුවෝය. "මම භයවුනා, මම හිතුව පාර හදල ඉවර වෙන කල් රථය එළියට ගන්න බැරිවෙයි කියලා. එහෙත් එම පුවරුව දෙස හොඳින් බැලූ විට ‘පදිංචිකරුවන්ට හැර’ කියා කුඩා අකුරින් ලියා තිබිණි. මට…

බහුල සැපයීම

බට්ටිච්චන්ට සහ සූටික්කන්ට අපගේ වත්තේ කෑම භාජනයක් තබා තිබේ. එහි ඇති පැණිරස ජලය බීමට කුඩා කුරුල්ලන් එන සැටි බැලීම අපට සතුට ගෙනදෙන්නේය. මෑතදී අප ගමනක් ගිය නිසා එය පුරවා යෑමට අපට නොහැකි විය. අප පැමිණෙන විට එය සම්පූර්ණයෙන් සිඳී ගොස් තිබිණි. "අසරණ කුරුල්ලෝ" මම සිතුවෙමි. "මාගේ අමතකවීම නිසා උන්ට කිසි පෝෂණයක් නොලැබිණි" එහෙත් එවිට මට මතක් වූයේ උන් පෝෂණය කරන්නේ…

ගරුසරු සහිතව

රජය සමග ඉශ‍්‍රායෙල්වරුන්ට ගැටළුවක් ඇති විය. එ් ක‍්‍රි.පූ. 500යේ අගභාගයේදීය. ක‍්‍රි.පූ. 586දී බබිලෝනිවරුන් විසින් විනාශ කරන ලද ඔවුන්ගේ දේව මාළිගය නැවත ගොඩනැගීමට යුදෙව්වන්ට අවශ්‍ය විය. කෙසේවෙතත් ඔවුන්ගේ පළාතේ ආණ්ඩුකාරයා, ඔවුන් එය කිරීම නිවැරදි දැයි නොදත්තේය. එහෙයින් ඔහු දාරියුෂ් රජුට ලිපියක් යැව්වේය (එස්රා 5:6-17).

එම ලිපියෙහි යුදෙව්වෝ මාළිගය ගොඩනගමින් සිටින බවද එ් සඳහා ඔවුන්ට අවසර ඇද්දැයි දැනගැනීමට අවශ්‍ය බවද ඔහු පවසයි. එසේම පෙර සිටි…

දෙවියන්වහන්සේගේ සංගීතයේ බලය

සවුන්ඞ් ඔෆ් මියුසික්" යනු නිෂ්පාදනය කරන ලද ඉතාමත්ම සාර්ථක සංගීත චිත‍්‍රපටයකි. එය 1965දී චිත‍්‍රපටයක් ලෙස එළිදැක්විණි. එයට බොහෝ සම්මාන ලැබිණි. ඊට ''ඇකඩමි සම්මාන" පහක් ඇතුලත් විය. එය ලොව වටා බොහෝ සෙනඟගේ සිත්වලට කාවැදිණි. අඩ සියවසකට පසුවද විශේෂ ප‍්‍රදර්ශන වලට සෙනඟ දැන් පැමිණෙති. පේ‍්‍රක්ෂකයෝ ඔවුන් කැමතිම චරිත ලෙස ඇඳ පැළඳගෙන එති. දර්ශන අතර තුර ඔව්හුද ගායනා කරති.

සංගීතය අපගේ සිත් තුලට…

දෙවියන්වහන්සේට හරවා යවන්න

දුරකථන, විද්‍යුත් තැපෑල සහ ජංගම දුරකථන නොතිබූ කාලයේ ඉක්මනින්ම අදහස් හුවමාරු කිරීමේ ක‍්‍රමය වූයේ විදුලි පණිවුඩයි. එහෙත් එසේ එවන ලද්දේ වැදගත් පණිවුඩ පමණි. සමාන්‍යයෙන් එවැනි පණිවුඩ අසුබ එ්වා විය. එහෙයින් ''විදුලි පණිවුඩකාරයා ගෙනෙන්නේ නරක ආරංචියක්"කියා කියමනක් විය.

හෙසකියා යුදයෙහි රජව සිටියදී ඉශ‍්‍රායෙලයේ යුද සමය විය. අෂුර්හී සෙනකෙරිබ් යුදාහි නගර ආක‍්‍රමණය කර අල්ලාගෙන සිටියේය. ඉන්පසු ඔහු හෙසකියාට යටත්වන ලෙස අයහපත් "විදුලි…

උන්වහන්සේගේ කාලය වෙනුවෙන්

දකුණු අප‍්‍රිකානු සභාපාලක ඇන්ඩෲ මරේ 1895දී එංගලන්තයට එන අතරතුර ඔහුට තද පිටේ කැක්කුමක් ඇති විය. ඔහු සුව වෙමින් සිටින අතර ඉතා වේදනාවෙන් සිටින කාන්තාවකට යම් අනුශාසනයක් දිය හැකිදැයි ගුවන් සේවිකාවක් පැමිණ විමසුවාය." මේ පත‍්‍රිකාව ඇයට දෙන්න මේක මම ලියමින් සිටියේ මගේ ධෛර්යයට. එය ඇයට උපකාරයක් වේවි"  මරේ පිළිතුරු දුන්නේය.  ලියා තිබුණේ මෙසේය.

පළමුව - දෙවියන්වහන්සේ මා මෙතැනට ගෙනා සේක. මේ…

සැඟවී සිටින සිංහයන්

මා කුඩා කල මාගේ පියා කැලැවේ සැඟවී සිට සිංහයෙකු මෙන් ගොරවා අප  "භය" කරවයි. 1960දී අප ඝානාවේ ගම්බද පෙදෙසක සිටියද සිංහයෙකු අසල සිටීම කිසිසේත් විය නොහැකිය. මාගේ මල්ලිත් මාත් සිනහසෙමින් ශබ්දය ආවේ කොහෙන්දැයි සොයා යන්නේ පියා සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටුවෙමිනි.

එක් දිනක් කුඩා මිතුරියක් අප බැලීමට ආවාය. අප සෙල්ලම් කරමින් සිටින විට අපට පුරුදු ගෙරවිල්ල ඇසිණි. අපේ මිතුරිය කැගසමින්…

ආලෝකය දෙසට හැරෙමින්

දිනක් මට රෝස පාට ටියුලිප් මල් කළඹක් ලැබිණි. මම එය මල් පෝච්චියක සකසන විට එ්වා ඝනකම නටුවල සෘජුව බැබළිණි. මම මල් පෝච්චිය කුස්සියේ මේසයේ හරිමැද තැබුවෙමි. ඊළඟ දවසේ මම බලන විට ඒවා වෙනත් පැත්තකට හැරී තිබිණි. මල් සහ පොහොට්ටු ජනේලයෙන් එන හිරු රැස් වෙත නැවී, විවෘතවී තිබිණි.

එක් අතකින් අප සියල්ලෝ එම මල් මෙන් වීමට සාදා තිබේ. උන්වහන්සේගේ ප්‍රේමයේ ආලෝකය…